News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
23

මාවනැල්ල බුදු පිළිම කැඩීමට අසාද් සාලි අනුබල දි ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වයි

875 Views


මාවනැල්ල බුදු පිළිම කැඩීමට අසාද් සාලි අනුබල දි ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වයි

රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරනු ලබන ජාතික සමගි පෙරමුණේ නායක බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධියේ සැකකරුවන් සමඟ සමීප සම්බන්ධතා පවත්වමින් ඔවුන් වෙනුවෙන් පෙනී සිට එම ත්‍රස්ත ක්‍රියා සඳහා ආධාර අනුබල දී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතාට කරුණු වාර්තා කර තිබෙනවා. ඒ අනුව මෙම සැකකාර අසාද් සාලි යන අය 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ ගැනෙන කුමන්ත්‍රණය කිරීම යන වැරදි සිදුකර ඇති බව ට නිරීක්ෂණය වන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණි.

සැකකරු ශ්‍රී ලංකා ජනරජයේ ස්වාධිපත්‍යයට හානිවන අන්දමින් මහජනයා අතර අනාදරය ඇති කිරීම සහ කණ්ඩායම් වශයෙන් රජයට එරෙහිව යුද්ධ කිරීම සඳහා අන්තවාදීන්ට ආධාර අනුබල දීම යන වැරදි සිදුකර ඇති බවට කරුණු හෙළිවී ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත


News Articles
Latest Videos
Most Popular Post