රුසියාවේ නිෂ්පාදිත “ස්පුට්නික් V“ කොවිඩ් එන්නත් මිලියන හතක් මිල දී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 69.65ක් වැය වන අතර එම එන්නත් මිල දී ගැනීම ඔස්සේ ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් මිලියන 14කට කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා එන්නත් ලබා දීමට සැලසුම් කර ඇත්තේ.