News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
24

හෙට ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

1634 Views


හෙට ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

හෙට (25) ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක, අපවත් වී වදාළ, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනායක හිමිපාණන්ගේ ආදාහන පූජෝත්සවය පැවැත්විම හේතුකොටගෙනය.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මාංශ හා මත්පැන් අලෙවි හා සුරාසල් ද හෙට දිනයේ වසා තැබෙනු ඇති.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 22 පෙරවරුවේ අපවත් වී වදාළ උන්වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පූර්ණ රාජ්‍ය ගෞරව සිදු කිරිමට නියම්තයි.

88 හැවිරිදි අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහා නාහිමියන් වැඩ වාසය කළේ , ගල්කිස්ස ධර්මාපාලාරාම විහාරස්ථානයේ ය.

1933 ජනවාරි 26 වැනිදා ගම්පහ , කොටුගොඩදී උපන් අතිපූජ්‍ය ධම්මාවාස නාහිමියන් මූලික අධ්‍යාපනය ලැබුවේ , කොටුගොඩ බෞද්ධ මිශ්‍ර පාසලෙනි.

15 හැවිරිදි වියේදි පැවිදි දිවියට ඇතුළත් ව අනතුරුව රත්මලාන පරමධම්මචේතිය පිරිවෙනෙන් අධ්‍යාපනය ලබා 1954 ජූලි 10 වැනිදා කළුතරදී උපසම්පදාව ලැබූ උන්වහන්සේ එතැන් පටන් සිය ශාසනික, සමාජීය මෙහෙවර තවත් පුළුල් කරමින් බුදු සසුනේ උන්නතිය වෙනුවෙන් කැපවූහ.

1970 වසරේ සිට අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන් අමරපුර නිකායේ ඉහළ තනතුරු හෙබවූ අතර, එම මාහැඟි ශාසනික මෙහෙවර අගයමින් බුරුම රජය 2007 වසරේදී උන්වහන්සේට අග්ගමහා පණ්ඩිත පදවිය පිරිනැමුවේ ය.

ධම්මාවාස හිමියන් අමරපුර නිකායේ උත්තරීතර මහානායක ධුරයෙන් පිදුම් ලැබුවේ 2017 වසරේදී ය.

උන්වහන්සේ ධර්මපාල වංශාලංකාර, සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටක විශාරද , ප්‍රවචන කීර්ති ශ්‍රී, ශාසන ශෝභන ඇතුළු ගෞරව නාම රැසකින් පිදුම් ලැබූ මහතෙර නමකි.

රටවල් රැසකට ගොස් ධර්ම ප්‍රචාරණ කටයුතුවල නිරත වෙමින් බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් කටයුතු කළ මහා නාහිමියන් ග්‍රන්ථ 30 කට අධික සංඛ්‍යාවක් රචනා කර තිබේ.


News Articles
Latest Videos
Most Popular Post