අපවත් වී වදාල ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවයේ රිය පෙරහර හේතුවෙන් අද පස්වරුවේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන අතර ඒ අනුව,
රිය පෙරහර ගමන් කරන ගල්කිස්ස, ගාලුපාර, බම්බලපිටිය, තුම්මුල්ල හන්දිය හරහා නිදහස් චතුරස්‍රය දක්වා මාර්ගයේ ගමන් ගන්නා රියදුරන් අද පස්වරු 1 සිට විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි පොලීසිය මහජනතාවට දැනුම් දෙන්නේ.