ඉන්දියාව ඇස්ට්‍රා සෙනෙකා එන්නත් අපනයනය තාවකාලිකව නතර කිරීමට තීරණය කර තිබෙනවා. ඒ එම එන්නත එරට තුල ඉල්ලුම ඉහළ යාමත් සමග අදාළ එන්නත ඉන්දිය ජාතිකයින්ට ලබාදීමට සිදුවන හෙයින්.
ඒ අනුව අප්‍රේල් මාසය අවසානය දක්වා ඉන්දියාවේ නිෂ්පාදනය කෙරෙන ඇස්ට්‍රා සෙනෙකා එන්නත අපනයනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
කෙසේ වෙතත් ඉන්දියාව එලෙස තීරණය කර තිබුණත් ශ්‍රී ලංකාවට එන්නත් ලබාදෙන බව දන්වා ඇතැයි රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කරනවා. ඒ සදහා වන ඇනවුම මීට පෙර ලබා දී තිබීම හේතුවෙන්.