News Line| Off Air
Generic placeholder image

Mar
25

සිය බිරිදගේ ගෙල කපා ඝාතනය කර සැමියාද ගිනි තබාගෙන මියයයි

3077 Views


සිය බිරිදගේ ගෙල කපා ඝාතනය කර සැමියාද ගිනි තබාගෙන මියයයි

ගම්පොල අගුරුමුල්ල ප්‍රදේශයේ දී සැමියෙක් විසින් සිය බිරිදගේ ගෙල කපා ඝාතනය කර පසුව සැමියාද පෙට්‍රල් වලින් ගිනි තබා ගෙන ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.. කලක පටන් තිබු පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනයන් සිදුව ඇති බවයි පැවසෙන්නේ.

එකම ඉඩමේ නිවාස දෙකක මෙම අඹු සැමි යුවල වාසය කර ඇති අතර අධිකරණය විසින් බිරිදට නඩත්තු මුදලක් ලබා දෙන ලෙස ද සැමියාට නියම කර ඇති අතර කලක පටන් එම මුදල ඇය විසින් ලබාගෙන තිබෙන අතර පසුව අදාල වන්දි මුදල ප්‍රමාණවත් නොවන බව පවසමින් එය වැඩි කරගැනීම සදහා පොලිසියට පැමිණිලි කිරීමට යාමෙන් ඊට උරන වූ සැමියා මෙම ඝාතනය සිදු කර ඇති බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post