News Line| Off Air
Generic placeholder image

Mar
26

මුදල් කොල්ලයක් සිදු වූ බවට පවසමින් තම සේවාස්ථානයේ මුදල් වංචාකළ පෞද්ගලික ආයතනයක නිලධාරියෙකුට වැඩ වරදී

488 Views


මුදල් කොල්ලයක් සිදු වූ බවට පවසමින් තම සේවාස්ථානයේ මුදල් වංචාකළ පෞද්ගලික ආයතනයක නිලධාරියෙකුට වැඩ වරදී

කොල්ලකරුවන් දෙදෙනෙක් මුදල් පැහැරගත් බව සදහන් කරමින් තම සේවාස්ථානයේ මුදල් වංචාකළ පෞද්ගලික සමාගමක නිලධාරියෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එනම්,රුපියල් ලක්ෂ 23ක මුදලක් සහ රුපියල් 84,000ක චෙක් පතක් බැංකුවක තැන්පත් කිරීමට ඔහු රැගෙන යන අවස්ථාවක බැංකුව අසලදී පුද්ගලයින් දෙදෙනකු විසින් මුදල් කොල්ලකෑ බවට පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

කෙසේ වෙතත් කරන ලද පැමිණිල්ලට අනුව පොලිසිය විසින් සිදු කරනු ලැබූ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ එම කොල්ලකෑම අදාල පැමිණිලිකරුගේම සැලසුමක් වන බවයි. සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලිකරුගේ බිරිදගේ සහෝදරයෙකු ද අත් අඩංගුවට ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post