පස්සර මාරක බස් රථ අනතුරෙන් දෙමවුපියන් අහිමි වූ දරුවන් තිදෙනා භාරගෙන හදාවඩා ගැනීමට අම්පාර රෝහලේ වෛද්‍යවරයෙක් ඉදිරිපත්ව තිබෙනවා. ඔහු සදහන් කරන්නේ පස්සර සිදු වූ අනතුරෙන් මියගිය යුවලකගේ දරුවන් තිදෙනා හදා ගැනීමට කෙනෙක් අවශ්‍ය යැයි තමන් ප්‍රවෘත්ති තුලින් දැක ඒ දරුවන් හදාගැනීමට ඉන් පසු තම බිරිද හා කතිකා කොට තීරණයක් ගත් බවයි.
එම වෛද්‍යවරයාට ද වයස අවුරුදු 03 ක් පමණ පිරිමි දරුවෙකු සිටින අතර මේ දෙමවුපියන් අහිමි වූ දරුවන් තිදෙනා ද වයස අවුරදු 03 ක 08 ක ගැහැණු දරුවන් දෙදෙනක් හා 07 හැවිරිදි පිරිමි පිරිමි දරුවෙක්. තමන් හට මෙම දරුවන් තිදෙනාම හදාවඩා ගැනීමට හැකියාව පවතින බව ද ඒ වෛද්‍යවරයා වැඩි දුරටත් සදහන් කර සිටිනවා.
ඉදිරියේදී මෙම දරුවන්ගේ නිත්‍යානුකුල භාරකාරීත්වය තමන් ලබා ගැනීමට නියමිත බවද සදහන් කර සිටිනවා.