News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
28

මැණික් පතලක් තුළ සිර වී පුද්ගලයින් දෙදෙනෙකු මිය යයි

1332 Views


මැණික් පතලක් තුළ සිර වී පුද්ගලයින් දෙදෙනෙකු මිය යයි

ඊයේ රාත්‍රී 7.00 ට පමණ සිදුවූ අනතුරකින් අවිස්සාවේල්ල, වෙරලුපිටිය ප්‍රදේශයේදී මැණික් පතලක් තුළ සිර වී පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ 44 හැවිරිදි සහ 45 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.

පැවැති වර්ෂාවත් සමග පතල තුළ විදුලිය විසන්ධි වී ඇති අතර ඒත් සමගම පතල තුළට ගොස් තිබූ දෙදෙනෙකු මෙම අනතුරට මුහුණ පා තිබේ.

පතල තුළ සිරවී මියගිය දෙදෙනාගේ සිරුරු මේ වනවිට අවිස්සාවේල්ල රෝහලේ තැන්පත්කර ඇත.


News Articles
Latest Videos
Most Popular Post