News Line| Off Air
Generic placeholder image

Mar
30

ඊයේ දිනයේ කොවිඩ් රෝගීන් වාර්තා වූ ප්‍රදේශ

661 Views


ඊයේ දිනයේ කොවිඩ් රෝගීන් වාර්තා වූ ප්‍රදේශ

ඊයේ (29) දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන් ගණන 215කි.

ඉන් පුද්ගලයින් 49ක් විදෙස්ගතව සිට මෙරටට පැමිණි දේශීය පූද්ගලයින්ය.

ඉතිරි පුද්ගලයින් 166 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ය.

ඒ අතරින් යාපනය සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 17 දෙනා බැගින් වාර්තා වී ඇත.

ගෙවුණු දිනයේ මොනරාගල දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 13 දෙනෙකු වාර්තා වී තිබේ.

මේ අතර ඊයේ දිනයේ වැඩිම කොවිඩ් රෝගීන් වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 92303ක් වන අතර ඒ අතරින් පුද්ගලයින් 88914 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ, ආසාදිතයින් 2823 දෛනකු පමණි.

කොරෝනා මරණ 5ක් වාර්තාවීමත් සමග සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව ද 566ක් දක්වා ඉහළ ගියේ ය.

ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 93 ක් තුළ පුද්ගලයින් 9,047 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ දිනය තුළ සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 4,379කි.

මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ පුද්ගලයින් 312 දෛනකුට පළමු එන්නත් මාත්‍රාව ලබා දී ඇති අතර මේ වනවිට පළමු එන්නත් මාත්‍රාව ලබා දි ඇති පුද්ගලයින් සංඛ්‍යාව 894,365කි.


News Articles
Latest Videos
Most Popular Post