News Line| Off Air
Generic placeholder image

Mar
30

මහමඟදී රියදුරෙකුට පහර දීමේ සිද්ධිය රජය හෙළාදකින බව ඇමති ගම්මන්පිල කියයි

280 Views


මහමඟදී රියදුරෙකුට පහර දීමේ සිද්ධිය රජය හෙළාදකින බව ඇමති ගම්මන්පිල කියයි

මහ මඟදී රියදුරෙකුට පහර දුන් පොලිස් නිලධාරියා වහාම වැඩ තහනමකට ලක් කළ බවත්, ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස්පතිවරයා ක්ෂණිකව ක්‍රියා කර ඇති බවත්, සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිළ මහතා ප්‍රකාශ කරයි.

ඉකුත් 29 දා පොලිස් නිලධාරියෙකු විසින් රියදුරෙකුට මහමඟදී පහර දීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද (30) පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ හමුවේදී මාධ්‍යවේදියකු කළ විමසුමකට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ නීතිය රැකීමට සිටින පිරිස් මෙවැනි දේ කිරීම සම්බන්ධයෙන් රජය එකහෙළ විරුද්ධ වන බවත්, මේ සම්බන්ධයෙන් ක්ෂණිකව ක්‍රියාමාර්ග ගැනීම තුළින් ම රජය දරන මතය ඉතා හොඳින් පැහැදිළි කර දෙන බවත් ය.

මෙවැනි සිදුවීම් ලොවපුරා සිදුවන බවත්, එවැනි දේ සම්බන්ධයෙන් රජය වගකිව යුතු නොමැති වුවද ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නොගතහොත් ඉන් ඇතිවන බලපෑම්වලට රජය වගකිව යුතු බවත්,  රජය මෙවැනි දේ හෙළාදකින නිසා හැකි ඉක්මනින් ඒ සම්බන්ධ ක්‍රියාමාර්ග ගන්නා බවත්, උදය ගම්මන්පිළ මහතා පැවසීය.


News Articles
Latest Videos
Most Popular Post