News Line| Off Air
Generic placeholder image

Mar
30

මහරගමදී රියදුරාට පහරදුන් පොලිස් නිලධාරියා අත්අඩංගුවට

408 Views


මහරගමදී රියදුරාට පහරදුන් පොලිස් නිලධාරියා අත්අඩංගුවට

පොලිස් නිලධාරියෙකු සිවිල් වැසියෙකුට අමානුෂික ලෙස පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ අදාළ රියැදුරා සිය ලොරිය පදවාගෙන යද්දී සේවයේ යෙදී සිටි මහරගම පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කර ඇති අතර රථවාහන ස්ථානාධිපතිවරයා මේ වන විට කොළඹ දකුණ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

පසුව මහරගම පොලිසියේ රථවාහන අංශයේ කොස්තාපල්වරයෙකු අදාළ රියැදුරාට මෙලෙස පහර දී තිබේ

පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසුවේ, රියැදුරා අත වැරදි පැවතිය හැකි නමුත් පොලිස් නිලධාරියා කළ පහර දීම පොලිසිය අනුමත නොකරන බවයි

අද දින ඔහු නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය


News Articles
Latest Videos
Most Popular Post