News Line| Off Air
Generic placeholder image

Mar
31

රන්ජන්ගේ පෙත්සමේ නොතීසි නිකුත් කරන්නේද නැද්ද යන තීන්දුව ප්‍රකාශයට පත්කිරීම කල් තැබේ

327 Views


රන්ජන්ගේ පෙත්සමේ නොතීසි නිකුත් කරන්නේද නැද්ද යන තීන්දුව ප්‍රකාශයට පත්කිරීම කල් තැබේ

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිර දඬුවම් විඳින රංජන් රාමනායක මහතා විසින් ඉදිරිපත් කළ එම පෙත්සමේ තීන්දුව අද (31) දින ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුණි.

රන්ජන් රාමනායක මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීම සඳහා නොතීසි නිකුත් කරන්නේද නැද්ද යන්න තීන්දුව ප්‍රකාශකිරීම ලබන මස 05 වනදා දක්වා කල්තබන බව අභියාචනාධිකරණය පවසයි.

කෙසේවෙතත්, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල සඳහන් කළේ තීන්දුව මේ දක්වා සූදානම් කර නොමැති බවය.

ඒ අනුව, එම තීන්දුව ලබන 05 වනදා ප්‍රකාශයට පත්කරන බව විනිසුරු මඩුල්ල දැනුම් දුන් අතර එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කර තිබේ.


News Articles
Latest Videos
Most Popular Post