News Line| Off Air
Generic placeholder image

Apr
1

ගල්කිස්ස පොලීසිය විසින් කළ පහරදීමකින් පුද්ගලයෙකු මියගිය බවට පැමිණිල්ලක්

357 Views


ගල්කිස්ස පොලීසිය විසින් කළ පහරදීමකින් පුද්ගලයෙකු මියගිය බවට පැමිණිල්ලක්

ගල්කිස්ස පොලීසිය විසින් කළ පහරදීමක් හේතුවෙන් මත්ද්‍රව්‍ය චෝදනාවකට අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මියගොස් ඇති බවට ඔහුගේ ඥාතීන් චෝදනා කර තිබෙනවා.

කළුබෝවිල පාසල් මාවතේ පදිංචි පුද්ගලයෙකු ගල්කිස්ස පොලීසිය විසින් පසුගිය මාර්තු 18 වනදා මත්ද්‍රව්‍ය චෝදනාවකට අදාළව අත්අඩංගුවට ගෙන තිබු අතර ඉකුත් 19 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු ඇප මත මුදා හැර තිබෙනවා.

කෙසේවෙතත් තමන්ට පොලීසිය පහරදුන් බව පවසමින් අදාළ පුද්ගලයා 21 වැනිදා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව ප්‍රතිකාර ලබා 25 වැනිදා යළි නිවසට පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ.

අදාළ පුද්ගලයා 30වන දා අලුයම යළි රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබූ අතර ඊයේ (31) උදෑසන ඔහු මිය ගොස් තිබෙනවා.

පවුලේ ඥාතීන් චෝදනා කරන්නේ අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ පොලීසිය සිදුකළ පහරදීමක් හේතුවෙන් මෙම මරණය සිදුවූ බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා මේ වන විටත් පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.

දේහය පිළිබඳ මහෙස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ පස්වරුවේ සිදුකෙරුණි


News Articles
Latest Videos
Most Popular Post