News Line| Off Air
Generic placeholder image

Apr
1

තවත් කොවිඩ් රෝගීන් 156ක් සුවය ලබයි

602 Views


තවත් කොවිඩ් රෝගීන් 156ක් සුවය ලබයි

අද දිනයේ තවත් 156 දෙනෙක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 89,407කි.

ඊයේ දිනයේ මෙරටින් කොරෝනා රෝගීන් 264ක් වාර්තා විය.

ඒ සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 92, 706 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි, කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම ආසාදිතයින් අතරින් 19 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වන අතර එක් පුද්ගලයෙකු මෙරටට පැමිණි විදේශිකයෙකි.

ඉතිරි පිරිස දේශීයව හඳුනාගත් ආසාදිතයින් ය.

ඊයේ දිනයේ වැඩිම කොරෝනා රෝගීන් වාර්තා වුයේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි.

එම සංඛ්‍යාව 59 කි.

ඊට අමතරව, කොළඹ දිස්ත්‍රික්කයෙන් 52 ක් සහ යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 38 ක් ලෙස වාර්තා වී ඇත.

කොරෝනා ආසාදිත මරණ දෙකක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව ද 568 ක් දක්වා ඉහළ ගියේ ය.

එලෙස මියගොස් ඇත්තේ, වත්තල ප්‍රදේශයේ 85 හැවිරිදි කාන්තාවක සහ මඩකලපුව ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 99 ක් තුළ පුද්ගලයින් 8, 907 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ (31 ) දිනය තුළ සිදු කර ඇති PCR පරීක්‍ෂණ සංඛ්‍යාව 7,835 කි.

මේ අතර කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන ද මෙරටදී සාර්ථකව ක්‍රියාත්මක අතර පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 9,752 දෙනෙකුට එන්නත්කරණය සිදු කර ඇති අතර ඒ අනුව එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයින් සංඛ්‍යාව 913,219 ක් දක්වා ඉහළ යනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post