අප්‍රේල් 10 වනදා සහ 20 වනදා අතර කාලය මෙරට වැඩිම රිය අනතුරු වාර්තාවන කාලය බවත් වැඩිම රිය අනතුරු සිදුවන මාසය ලෙස අප්‍රේල් මාසය හැඳින්විය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
උත්සව සමයේ මාර්ග ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක් යොමුකරන ලෙස ඒ මහතා පදිකයින්ගෙන් සහ රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.