News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
1

විදෙස් උසස් අධ්‍යාපනය ලබා දෙන බව පවසම්න් මුදල් වංචා කළ එකම පවුලේ 5කට වැඩ වරදී

493 Views


විදෙස් උසස් අධ්‍යාපනය ලබා දෙන බව පවසම්න් මුදල් වංචා කළ එකම පවුලේ 5කට වැඩ වරදී

විදෙස් උසස් අධ්‍යාපනය සඳහා පිටත්කර යවන බවට පවසා පුවත්පත් දැන්වීම් පළකර රුපියල් කෝටි 30කට අධික වංචාවක් කළ පියා සහ දියණියන් දෙදෙනා ඇතුළු එකම පවුලේ පස් දෙනකු කොළඹ වංචා විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුරුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව ලබන 12 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා.

සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ බුර්කාවකින් සැරසී වෙස්වලාගෙන සිටි බවත් විශේෂ මෙහෙයුමකින් පසු අත්අඩංගුවට ගත් බවත් කොළඹ වංචා විමර්ශන ඒකකය අධිකරණය හමුවේ පැවසුවා

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි 108 ලැබී ඇති බවටයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post