News Line| Off Air
Generic placeholder image

Apr
2

පාස්කු සතියේ දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

1934 Views


පාස්කු සතියේ දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

පාස්කු ඉරිදාවට සමගාමීව ඉදිරි සතිය තුළ පොලිසිය විසින් දිවයින පුරා ක්‍රියාත්මක කරන ආරක්ෂක වැඩපිළිවෙළට යුද හමුදාවේ පූර්ණ සහාය දෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඒ අනුව සියලු ආරක්ෂක සේනා ආඥාපතිවරුන්ට මේ සම්බන්ධව උපදෙස් දී ඇති බවත් තම ප්‍රදේශවල ආරක්ෂාව පිළිබඳ අධ්‍යයනයක් කර පොලිසිය සමඟ ඒකාබද්ධව කටයුතු කරන ලෙසත් තමන් දැනුම් දුන් බව ඒ මහතා සදහන් කළේය.

අදාළ ප්‍රදේශවල ආරක්ෂක විග්‍රහයක් කර ඒ ඒ ප්‍රදේශවල පිහිටි කතෝලික දේවස්ථාන සහ ආරක්ෂිත ස්ථාන වෙත සෘජුවම ආරක්ෂාව සැපයීමට සියලු ක්‍රියා මාර්ග ගන්නා ලෙස තමන් උපදෙස් දුන් බවත් යුද හමුදාපතිවරයා පැවසීය.

එම ආරක්ෂක වැඩපිළිවෙල පාස්කු සතිය පුරාම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.


News Articles
Latest Videos
Most Popular Post