News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
2

වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයෙන් ඉවතට

619 Views


වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයෙන් ඉවතට

උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා විසින් වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා එම ධුරයෙන් ඉවත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

වැලිකන්ද ප්‍රාදේශිය සභා සභාපති කවිදු අබේසුරිය විසින් සිදුකර ඇති වැරදි කිහිපයක් සම්බන්ධව සිදුකළ පරීක්ෂණයට අදාළව විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු සමන් වික්‍රම වික්‍රමාරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් සිදුකර තිබේ.

එම විමර්ශනයට අදාළව නිකුත් කරනු ලැබු වාර්තාවට අනුව සභාපතිවරයා අදාළ වැරදි සිදුකර ඇති බවට සනාථ වන බව ගැසට් නිවේදනය මඟින් දක්වා ඇත.


News Articles
Latest Videos
Most Popular Post