News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
5

රන්ජන්ගේ මන්ත්‍රී ධූරය පිළිබඳ පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණයෙන් නියෝග

498 Views


රන්ජන්ගේ මන්ත්‍රී ධූරය පිළිබඳ පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණයෙන්  නියෝග

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත මේ වන විට බන්ධනාගාරගතව සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත්කරන ලෙස ඉල්ලා ඉදිරිපත්කළ පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය නියෝග කළා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබුවා. මෙම පෙත්සමේ කිසිදු නීතිමය පදනමක් නොමැති බව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post