News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
6

මුන්දලම ප්‍රදේශයේ දී කාන්තාවක් ඇතුළු පිරිසක් විසින් පුද්ගලයෙකු ඝාතනය කර එල්ලයි

890 Views


මුන්දලම ප්‍රදේශයේ දී කාන්තාවක් ඇතුළු පිරිසක් විසින් පුද්ගලයෙකු ඝාතනය කර එල්ලයි

මුන්දලම ප්‍රදේශයේ දී 37 හැවිරිදි පුද්ගලයෙක් ඝාතනය කර ඇති බව වාර්තා වෙනවා. ඝාතනය වී ඇති අදාල පුද්ගලයා කොහු මෝලක කම්කරුවෙක් ලෙස වැඩ කල අයෙක් වන අතර මෙම ඝාතනයට මියගිය පුද්ගලයාගේ අනියම් බිරිද ඇතුළු පුද්ගලයින් පිරිසක් පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඝාතනය වූ පුද්ගලයා බීමතින් පැමිණ මෙම අනියම් බිරිද ඇතුළු පිරිස සමග ආරවුලක් ඇති කරගෙන තිබෙන බවත් එහිදී සිදු වූ පහරදීමකදී මෙලෙස ඝාතනය වී ඇති අතර මොහු ගෙළ වැළලාගෙන මියගිය බවට හැගෙන පරිදි මළ සිරුර සැකකරුවන් විසින් එල්ලා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය පිලිබදව වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post