News Line| Off Air
Generic placeholder image

Apr
6

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට අදත් වැසි රහිත කාලගුණයක්

730 Views


දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට අදත් වැසි රහිත කාලගුණයක්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 14 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද දින (06) දහවල් 12:13 ට දොඩංගොඩ , ඉද්දගොඩ, අගලවත්ත, අත්වෙල්තොට , රන්වල, ගොඩවැලිපොකුණ හෙළ සහ කුමන වැව යන ප්‍රදේශ වලට හිරු මුදුන්ව පවතී.


News Articles
Latest Videos
Most Popular Post