News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
7

වාර විභාගයට පිළිතුරු ලියමින් සිටි පාසල් දැරියක් හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් මිය යයි

621 Views


වාර විභාගයට පිළිතුරු ලියමින් සිටි පාසල් දැරියක් හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් මිය යයි

වාර විභාගයට පිළිතුරු ලියමින් සිටි පාසල් දැරියක් හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් මිය ගොස් ඇති බව වාර්තා වෙනවා. වයස අවුරුදු 13 ක් වූ මෙම දැරිය පාසලේ වාර විභාගයට පිළිතුරු ලියමින් සිටියදි ඊයේ පස්වරුවේ අසනීප වී ඇත්තේ.

එහිදී අදාල දැරියගේ මවට දන්වා දැරියව මවට භාර දී රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර වනාතවිල්ලුව ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමේදී දැරිය බරපතල තත්වයේ පසු වීම නිසා පුත්තලම මුලික රෝහලට මාරු කර යවා තිබෙනවා. එහෙත් දැරිය ඒ වන විටත් මියගොස් සිට ඇති බවයි පැවසෙන්නේ.

දැරියගේ ඥාතීන් චෝදනා කරන්නේ දැරිය රෝහල් ගත කිරීමට ප්‍රමාද වීම නිසා මෙලෙස මිය ගොස් ඇති බවයි. මේ සිද්ධිය පිලිබදව විමර්ශන ක්‍රියාත්මකයි. මිය ගිය දැරියට pcr පරීක්ෂනයක් සිදු කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post