ඉකුත් දා පැවැත්වුණු තායිලන්තයේදී පැවති Miss Grand International තරඟාවලියේ මියන්මාර රූ රූජින මේ වන විට සිය රටේ ජනතාව හමුදා පාලනය හේතුවෙන් අත්විදින දුෂ්කර ජීවිතය පිලිබදව හඩා වැටෙමින් සිය හඩ අවදි කළා. එහිදී ඇය විසින් වැඩි දුරටත් සදහන් කලේ ජ්‍යාත්‍යන්තර අවධානය ලබාගැනීම සඳහා මේ වටිනා අවස්තාව තමන් යොදා ගන්නා බවයි.
ඇය විසින් සිදු කල කතාව මේ,
“සුභ වේවා මගේ ආදරණීය සහෝදර මිනිසුනි..මගේ ආදරණීය රට මියන්මාරයේ වර්තමාන තත්වයෙන් පීඩා විඳින මගේ ආදරණීය රට වැසියන්ගේ ශෝකය සහ පීඩනය මේ රාත්‍රියේ මම මේ වේදිකාවේ සිටගෙන ඔබව අමතන්නට හේතු උනා..
වීදිමත ජීවිත අහිමි වුනු ජනතාව ගැන මම ඉතාමත් කණගාටුවට පත් වෙමි. ලෝකයේ සෑම පුරවැසියෙක්ම තම රටේ සමෘද්ධිය සහ සාමකාමී වාතාවරණය අපේක්ෂා කරයි. එසේ කිරීමේදී නායකයින් ඔවුන්ගේ බලය සහ ආත්මාර්ථකාමිත්වය තම ආඩම්බරයට ගොඩනගාගැනීමට පාවිච්චි නොකල යුතුයි. අහිංසක මිනිසුන්ට ඔවුන්ගේ කාන්තාවන් සහ ළමා ජීවිතයන් අපිට අහිමිව තිබෙනවා.
තත්වය මෙලෙසම සිදුවන්නේ නම්, ලොව පුරා සිටින ජනතාව විසඳුමක් සොයාගෙන ඔවුන්ට උදව් කිරීමට උත්සාහ කලයුතු යැයි සිතනවා.
මං අද මේ වේදිකාවේ සිට කතා කරන්න හේතුව මගේ රටේ මිනිසුන් 100 කට වැඩි පිරිසක් දවසකට මිය යමින් සිටිනවා. ජීවිත අහිමිවූ ජනතාව ගැන මම ඉතාම කණගාටු වෙමි. මියන්මාරයේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වීථියේ පාගමන් යමින් සිටිනවා. මමත් මේ මොහොතේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනීසිටින කෙනෙක්. මේ පිළිබඳව ජ්‍යාත්‍යන්තර අවධාන ලබාගැනීම සඳහා මට මේ වටිනා අවස්තාව ලබා දීම සම්බන්ධයෙන් මම miss grand international සංවිධානයට බෙහෙවින්ම ස්තුති කරනවා.
මියන්මාරයට උදව් අවශ්‍යයි. අපට ඔබගේ හදිසි ජාත්‍යන්තර සහාය දැන් අවශ්‍යයි.
වඩා හොඳ ලෝකයක් නිර්මාණය කිරීමට නව පරම්පරාව ලෙස අපිට වගකීමක් ඇත. ලෝකයටත් මියන්මාරයටත් සාමය උදා වේවා…