News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
9

යාපනයේ නගරාධිපති අත්අඩංගුවට

568 Views


යාපනයේ නගරාධිපති අත්අඩංගුවට

යුද සමයේ දී එල්.ටී.ටී.ඊ පොලිස් නිලධාරීන් යැයි පැවසෙන පුද්ගලයින් භාවිත කළ ඇඳුමට සමාන ඇඳුමකින් සැරසුණු පුද්ගලයින් 05ක් යාපනය නගරය ආසන්න ප්‍රදේශයක රාජකාරී කටයුතු සඳහා යොදාගැනීම තුළින් එම සංවිධානය ප්‍රවර්ධනයට අනුබලදීම හේතුවෙන් යාපනය මහනගර සභාවේ නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් මහතා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකිරීමේ දී එම පුද්ගලයින් නගරසභාව විසින් රාජකාරීයේ යොදවා ඇති බවත් යාපනය මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරයා ඇතුළු සාක්ෂිකරුවන් රැසකගේ ප්‍රකාශ සටහන් කර ගැනීමේදී අදාළ පුද්ගලයින් තාවකාලිකව නගරසභාවට බඳවා ගෙන නිල ඇඳුමක් නිර්මාණය කර සේවයේ යොදවා ඇත්තේ නගරාධිපතිවරයා විසින් බවත් අනාවරණය වී තිබේ.

අද (09) අලුයම අත්අඩංගුවට ගත් නගරාධිපතිවරයා ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය වෙත භාර දීමට නියමිතව තිබෙනවා.

මෙම සිදුවීම අප සියත ප්‍රවෘත්ති අංශය තුළින් දැඩි අවධානයට ලක් කළ පුවතක් වුණා.


News Articles
Latest Videos
Most Popular Post