News Line| Off Air
Generic placeholder image

Apr
9

බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි

461 Views


බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඌව, සබරගමුව, මධ්‍යම, දකුණ සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වර්ෂාපතනයන් ද ඇතිවිය හැක.

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 14 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද දින (09) දහවල් 12:12 ට කිරින්දගම, බකුණාවල, පාදෙණිය, එලගොමුව, යෝධගනාව, බලුකැකුළුකඩ සහ කුමනාරු යන ප්‍රදේශ වලට හිරු මුදුන්ව පවතී.


News Articles
Latest Videos
Most Popular Post