News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
12

සියලුම බැංකු අද විවෘතයි

593 Views


සියලුම බැංකු අද විවෘතයි

අද රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබුණද එම නිවාඩුව රාජ්‍ය හා පෞද්ගලික බැංකුවලට අදාළ නොවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කර සිටිනවා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩි දුරටත් සඳහන් කර සිටින්නේ “10,11 සෙනසුරාදා නිවාඩුවක් තිබුණේ ඒ වාගේම 13, 14 අවුරුද්දට නිවාඩු තියෙන නිසා සඳුදා විතරයි මැද දවසක් වශයෙන් රජයේ කාර්යාල වැඩකරන දිනයක් විදිහට තිබුණේ. ඉතින් ඒ නිසා විශේෂ ඉල්ලීමක් තිබුණා රජයේ අයට පහසුවක් සැලසෙන්න. රාජ්‍ය සේවකයින් මේ කාර්යාල ඇරලා තියෙනවාට වඩා නිවාඩුවක් දුන්නම් වැඩිය හොඳයි කියලා. ඒ නිසා තමයි අපි සඳුදා දින විශේෂ නිවාඩු දිනයක් ලෙස පත්කරේ. සඳුදා බැංකු සහ අනෙක් අවශ්‍යතාවයන් තියෙනවා. ඒ නිසා හෙට නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කළද, එය බැංකු හෝ වෙළෙඳ නිවාඩු සඳහා අදාළ වන්නේ නැහැ. “ යනුවෙනි.


News Articles
Latest Videos
Most Popular Post