කඩවත සිට මාතර දක්වා දිවෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරනු ලැබූ මෝටර් රථයක ගමන් කළ තරුණයින් පිරිසකගේ නොසැලකිලිමත් හැසිරීමක් සම්බන්ධයෙන් වන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලවල හුවමාරු වෙමින් පවතිනවා.
මෝටර් රථයක ගමන් කළ තරුණයින් පිරිසක් එම වාහනයේ දොර කවුළු මත හිඳගෙන එලෙස අනාරක්ෂිත ලෙස ගමන්කරන අයුරු එම විඩියෝවේ දැක්වෙනවා. තර්‍රුණයන් පිරිසක් ගමන් කල මෙම රථයේ මුල් හිමිකරු හදුනාගෙන ඇති අතර සිද්ධිය පිලිබදව පුළුල් පරීක්ෂණයක් ක්‍රියාත්මකයි.