News Line| Off Air
Generic placeholder image

Apr
20

119 අමතා ව්‍යාජ තොරතුරක් ලබා දුන් කාන්තාවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට

470 Views


119 අමතා ව්‍යාජ තොරතුරක් ලබා දුන් කාන්තාවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට

119 පොලිස් හදිසි ඇමතුම් අංකය ට ව්‍යාජ තොරතුරක් ලබා දුන් කාන්තාවන් දෙදෙනෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. යම් පිරිසක් වාහනයකින් පුපුරන ද්‍රව්‍ය රැගෙනවිත් යම්කිසි ව්‍යසනයක් සිදු කිරීමට සැරසෙන බව පවසමින් කාන්තාවක් විසින් ඇමතුමක් ලබා දී තිබෙන අතර එහිදී දංකොටුව පොලීසිය විසින් සිදුකළ විශේෂ විමර්ශනයක දී අනාවරණය වී ඇත්තේ එම තොරතුර අසත්‍ය ප්‍රචාරයක් බවත් පොලීසිය මුළා කිරීමට මෙලෙස අසත්‍ය තොරතුරක් ලබා දී ඇති බවයි.

මෙලෙස අත් අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා දංකොටුව ප්‍රදේශයෙම පදිංචිව සිටි අවුරුදු 25ක් වයසැති කාන්තාවක් 28 හැවිරිදි කාන්තාවක් බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post