News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
21

පාස්කු වින්දිතයින් වෙනුවෙන් පාර්ලිමේන්තුව විනාඩියක් නිහඩ වෙයි

444 Views


පාස්කු වින්දිතයින් වෙනුවෙන් පාර්ලිමේන්තුව විනාඩියක් නිහඩ වෙයි

පාස්කු වින්දිතයින් වෙනුවෙන් පාර්ලිමේන්තුව විනාඩියක නිහඩතාවයක් පවත්වා තිබෙනවා. ඒ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීමකට අනුවයි.

එමෙන්ම පාස්කු ප්‍රහාරය සිදු වී අදට වසර දෙකක් සපිරීම හේතුවෙන් අගමැතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සදහන් කර සිටියේ

“පාස්කු කොමිසම විසින් හෙළිදරව් කර ගත් තොරතුරු අනුව, සකස් කළ වාර්තාව හා අනෙකුත් ලේඛන පදනම් කරගෙන නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මේ වන විට නීතිපතිවරයා වෙත යොමුකර තිබෙනවා. අධිකරණ කටයුතු කෙරෙහි මැදිහත්වීම නොකරත් ක්‍රියාමාර්ග සාර්ථක කර ගැනීමට අවශ්‍ය ඕනෑම සහයකට රජයක් හැටියට සුදානම් බව කියන්න කැමතියි. කොමිෂන් සභාවට අමතරව ක්‍රියාත්මක කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ ඉතාම ස්වාධීනව සිදුකරගෙන යෑමට අවශ්‍ය පහසුකම් ජනාධිපතිවරයා විසින් සපයා දී තිබේ. පරීක්ෂණ අවසානයේ ඒ ඒ දෙපාර්තමේන්තු විසින් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ඉදිරියේ දී කටයුතු කරයි කියලා අපට විශ්වාසයි.“ යනුවෙන්.


News Articles
Latest Videos
Most Popular Post