News Line| Off Air
Generic placeholder image

Apr
21

පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය සිය දියණියගේ සොහොන ළග වසර දෙකක් තිස්සේ නිදාගන්නා පියෙක්

1517 Views


පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය සිය දියණියගේ සොහොන ළග වසර දෙකක් තිස්සේ නිදාගන්නා පියෙක්

පාස්කු ප්‍රහාරය සිදු වී අදට වසර දෙකක් සම්පුර්ණ වෙනවා. ඊට වසර දෙකක් ගෙවුණද එම ප්‍රහාරයේ වින්දිතයින්ගේ ශෝකය නිමා වී නැත. ඔවුන් අදටත් සිය සමීපතමයින් නැති අඩුව ගැන දුක් අදෝනා නගයි. මැරි මැරී ජිවත්වන ඔවුන්ගේ එම ශෝකජනක කතා එම ප්‍රහාරයෙන් සිය ආදරණීයයන් අහිමි වූ සෑම දෙනා තුලම පවතිනවා.

එවන් කතාවක් තමයි මේ,

එනම්, මෙම කුරිරු ත්‍රස්ත ප්‍රහාරයෙන් සිය බිරිද ඇතුළු දරුවන් තිදෙනාම අහිමි වූ පියෙක් මේ ගෙවුණු වසර දෙක තිස්සේ සිය මියගිය දියණියගේ සොහොන ළග නිදාගන්නා පුවතක් වාර්තා වෙනවා. සිය දියණිය අකුණු ගහනවට බය නිසා මේ පියා මහ වරුසා වහිද්දි ඒ මියගිය දියණිගේ සොහොන ලගට ගොස් රෑ නිදිවරාගෙන සිටිනා බවයි පැවසෙන්නේ.

මෙවන් සංවේදී කතාව ඇහෙන්නේ කටුවාපිටිය ප්‍රදේශයෙන්.

May be an image of 1 person and standing
May be an image of 4 people


News Articles
Latest Videos
Most Popular Post