News Line| Off Air
Generic placeholder image

Apr
22

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනයට විශේෂ කාර්යසාධන සමාලෝචන කමිටුවෙන් ගත් තීරණ මෙන්න

1419 Views


කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනයට විශේෂ කාර්යසාධන සමාලෝචන කමිටුවෙන් ගත් තීරණ මෙන්න

මෙරට දිනක් තුළ සිදු කරන අවම PCR පරීක්ෂණ සංඛ්‍යාව 15,000 ක් දක්වා වැඩි කිරීමට තීරණය කර තිබෙන බව විශේෂ කාර්යසාධන සමාලෝචන කමිටුව සදහන් කරනවා.

එම සමාලෝචන කමිටුවෙදී ගත් අනෙකුත් තීරණ මෙන්න,

  • දැඩි සත්කාර ඒකකවල ඇදන් ධාරිතාව වැඩි කිරීම, කොවිඩ් රෝගීන්ට අවශ්‍ය high floor ඔක්සිජන් ලබා දීම.
  • දත්ත රැස් කිරීමේ ක්‍රමවේදය ශක්තිමත් කිරීම හා වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩල සඳහා අවශ්‍ය පුද්ගල ආරක්ෂිත ඇඳුම් වැඩිපුර ලබා දීම.

*කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ රෝගීන්ගේ රෝගී තත්ත්වයන් අනුව වෙන් වෙන් වශයෙන් ඔවුන් සුදුසු රෝහල් වෙත යොමු කිරීමට සැලසුම් සකස් කිරීම.

  • ඉදිරියේ දී කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් තව තවත් රෝහල් හඳුනා ගැනීම සහ ඒවාට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සැපයීම.
  • කොවිඩ් රෝගීන් සඳහා ප්‍රතිකාර සේවාවන් පවත්වාගෙන යන අතර තුර දෛනිකව අනෙකුත් රෝග සඳහා ද රෝහල්ගත වන රෝගීන්ට ලබා දෙන බාහිර හා නේවාසික ප්‍රතිකාර සේවාවන් සහ ශල්‍යකර්ම ශක්තිමත්ව පවත්වාගෙන යාම.
  • නිරෝධායනය නීති සැමට දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම, නිරෝධායන නීති කඩකරන්නන්ට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කර දඬුවම් ලබා දීම.
  • විදේශයන්හි සිට පැමිණෙන අය සඳහා විශේෂිත නිරෝධායන නීති සකස් කිරීම.


News Articles
Latest Videos
Most Popular Post