News Line| Off Air
Generic placeholder image

Apr
22

119 ට බොරු ඇමතුම් දුන්නොත් වැඩ වරදී

661 Views


119 ට බොරු ඇමතුම් දුන්නොත් වැඩ වරදී

මහා ජනයා හට හදිසි අනතුරු ආපදා හා බරපතල අපරාධ පිලිබදව ක්ෂණිකව පොලිසිය දැනුවත් කිරීම සදහා 2004 වසරේදී හදුන්වා දුන් මෙම 119 හදිසි දුරකථන අංකය බරපතල ලෙස අවභාවිත කර ඇති බවට මේ වන විට හදුනා ගෙන ඇති බව පොලිසිය සදහන් කරනවා.

ඒ අනුව එම හදිසි දුරකතන අංකයට ලැබෙන ඇමතුම් වලින් සියයට 93ක් පමණ අතවශ්‍ය නොවන කාරණා සදහා ලබා ගෙන ඇති බවයි පැවසන්නේ. එම ඇමතුම් වලට ප්‍රතිචාර දැක්වීම හරහා කාලය හා එම සේවාවේ ඇති ඵලදායිතාවයට බාධාවක් වන බවයි පොලිසිය වැඩි දුරටත් සදහන් කරන්නේ.

මේ අනුව එම සේවාව හදිසි අනතුරු ආපදා හා බරපතල අපරාධ පිලිබදව දැනුවත් කිරීම වැනි අතවශ්‍ය කාරණා සදහා පමණක් භාවිතා කරන්නැයි පොලිසිය ජනතාවහෙන් ඉල්ලා සිටිනවා. එසේ නොවන පිරිස් හට නිතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි පොලිසිය සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post