News Line| Off Air
Generic placeholder image

Apr
22

දිවයිනේ ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි

387 Views


දිවයිනේ ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි

සබරගමුව, මධ්‍යම, ඌව, බස්නාහිර, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වල තැනින් තැන සවස් කාලයේදී (සවස 2.00න් පසු) හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම, ඌව, සබරගමුව, බස්නාහිර සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක.

බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ


News Articles
Latest Videos
Most Popular Post