News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
26

අද රාත්‍රියේ හුදකලා වන ප්‍රදේශ මෙන්න

776 Views


අද රාත්‍රියේ හුදකලා වන ප්‍රදේශ මෙන්න

රට තුල පවතින තත්වය හමුවේ ගම්පහ, කළුතර සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව
අද (26) රාත්‍රී 08.00 සිට

ගම්පහ දිස්ත්‍රික්කයේ,

කොටදෙණියාව පොලිස් බල ප්‍රදේශයේ පොල්හේන, හීරලුගෙදර, කළුඅග්ගල යන ග්‍රාම සේවා වසම්

මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ අස්වැන්නවත්ත නැගෙනහිර ග්‍රාම සේවා වසම

කළුතර දිස්ත්‍රික්කයේ

මීගහතැන්න පොලිස් බල ප්‍රදේශයේ මිරිස්වත්ත, පැලවත්ත උතුර සහ පැලවත්ත නැගෙනහිර යන ග්‍රාම සේවා වසම්

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ

ත්‍රිකුණාමලය පොලිස් බල ප්‍රදේශයේ පූම්පුහාර් ග්‍රාම සේවා වසම හුදකලා කෙරෙනු ඇති .

.


News Articles
Latest Videos
Most Popular Post