ඉදිරි සති දෙක තුළ රජයේ සහ පෞද්ගලික අංශයේ සියලු උත්සව තහනම් කිරීමට තීරණය කළද , කලින් සැලසුම් කළ මංගල උත්සව පැවැත්වීම සඳහා පමණක් අවස්ථාව ලබා දෙන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා. ඒ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේයි.
මේ පිලිබදව අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා පෙන්වා දෙන්නේ මංගල උත්සව කලින් සූදානම් කර ඇති නිසා ඒවා නවතා දැමිය නොහැකි බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි.