News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
27

මේ වන විට හුදකලාවේ පසුවන ග්‍රාම නිලධාරී වසම් 14 මෙන්න

650 Views


මේ වන විට හුදකලාවේ පසුවන ග්‍රාම නිලධාරී වසම් 14 මෙන්න

කොරෝනා වෛරසයේ ව්‍යප්තිය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් මේ වන විට දිවයිනේ ප්‍රදේශ කිහිපයක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. මේ අනුව අද උදෑසන දක්වා කාලය තුල මේ වන විට ග්‍රාම නිලධාරී වසම් 14 හුදකලා කර තිබෙන අතර ඒවා පහත පරිදි වේ,

ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම පොලිස් බල ප්‍රදේශයේ ඉඹුල්ගොඩ සහ කටුදම්පේ ග්‍රාම නිලධාරී වසම, ගම්පහ දිස්ත්‍රික්කයේ කොටදෙණියාව පොලිස් බල ප්‍රදේශයේ පොල්හේන, හීරලුගෙදර, කළුඅග්ගල යන ග්‍රාම සේවා වසම් සහ මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ අස්වැන්නවත්ත නැගෙනහිර ග්‍රාම සේවා වසම එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ මීගහතැන්න පොලිස් බල ප්‍රදේශයේ මිරිස්වත්ත, පැලවත්ත උතුර සහ පැලවත්ත නැගෙනහිර යන ග්‍රාම සේවා වසම් ද

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමලය පොලිස් බල ප්‍රදේශයේ පූම්පුහාර් ග්‍රාම සේවා වසම ද හිඟුරක්ගොඩ සිරිකෙත ග්‍රාම නිලධාරි කොට්ඨාසය සහ උකුවෙල පල්ලෙකුඹුර ග්‍රාම නිලධාරි කොට්ඨාසය වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනව.

එමෙන්ම කුලියාපිටියපොලිස් වසම ද තව දුරටත් හුදකලා ප්‍රදේශයන් ලෙස පවතින අතර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයද හුදකලා කිරීමට මේ වන විට පියවර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post