News Line| Off Air
Generic placeholder image

Apr
28

ඉන්දියාව කොරෝනා හමුවේ අසරණ වෙද්දී අසල්වැසි නේපාලයේත් කොරෝනා රෝගීන් ඉහළ යයි

588 Views


ඉන්දියාව කොරෝනා හමුවේ අසරණ වෙද්දී අසල්වැසි නේපාලයේත් කොරෝනා රෝගීන් ඉහළ යයි

මේ වන විට කොරෝනා හමුවේ දැඩි පිඩාවට ලක්ව සිටින ඉන්දියාවේ අසල්වැසි නේපාලයේත් කොරෝනා රෝගීන් වැඩිවෙමින් පවතින බව නේපාල සෞඛ්‍ය අංශ සදහන් කරනවා.

මේ වන විට එරටින් දෛනිකව හමුවන කොරෝනා ආසාදිතයින් ගණන 4000කට ආසන්න බවයි පැවසෙන්නේ. මේ හේතුවෙන් එරට ප්‍රධාන නගර රැසක්ම හුදකලා කිරීමට කටයුතු කර ඇති බව ද වැඩි දුරටත් සදහන් වෙනවා.

එවරස්ට් කදුකරේ සිටින සංචාරකයින් හටද මෙම වෛරසය ආසාදනය වී ඇති බව ට වාර්තා වී ඇති නමුත් එය එම රජය ප්‍රතික්ෂේප කරනවා.


News Articles
Latest Videos
Most Popular Post