News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
28

සියලුම පොලිස් ස්ථානයන් වෙත විශේෂ දැනුම් දීමක්

1539 Views


සියලුම පොලිස් ස්ථානයන්  වෙත  විශේෂ දැනුම් දීමක්

පොලිස් මූලස්ථානය විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත විශේෂ පණිවුඩයක් නිකුත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා.

ඒ අනුව එහි සදහන් වන්නේ යම් පොලිස් නිලධාරියෙක් හෝ නිලධාරින් පිරිසක් හුදකලා කරන ලද ප්‍රදේශයක පදිංචිකරුවන් නම් ඔවුන්ට රාජකාරී වාර්තා කිරීමකින් තොරව අදාළ හුදකලා කාලය අවසන් වනතුරු එම පරිශ්‍රයන්ට වී රැඳීසිටින ලෙසය.

එමෙන්ම පොලිස් ස්ථානවල භාවිත කරන තොරතුරු පොත් සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. එහි සදහන් වන්නේ පොලිස් ස්ථානවල ඇති තොරතුරු පොත් භාවිත කිරීම සීමිත නිලධාරීන් සංඛ්‍යාවක් විසින් භාවිතා කලයුතු යන්නයි.


News Articles
Latest Videos
Most Popular Post