News Line| Off Air
Generic placeholder image

Apr
29

අඛණ්ඩව දෙවන දිනටත් මෙරටින් වාර්තා වන දෛනික ආසාදිතයින් ගණන දහස ඉක්මවා යයි – ආසාදිතයින් හමු වූ ප්‍රදේශ මෙන්න

561 Views


අඛණ්ඩව දෙවන දිනටත් මෙරටින් වාර්තා වන දෛනික ආසාදිතයින් ගණන දහස ඉක්මවා යයි – ආසාදිතයින් හමු වූ ප්‍රදේශ මෙන්න

ඊයේ මෙරටින් වූ නව ආසාදිතයින් ගණන 1,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අඛණ්ඩව දෙවන දිනටත්. ඒ අනුව මෙරටින් හඳුනාගත් ආසාදිතයින් සංඛාව 1,466ක් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළ අතර ඊයේ දිනයේ මෙරටින් කොවිඩ් මරණ 06 වාර්තා වී තිබෙනවා.

ආසාදිතයින් හමු වූ ප්‍රදේශ මෙන්න,

විදෙස් ගතව සිට පැමිණි පුද්ගලයින් 15කු ද ඊයේ දිනයේ ආසාදිතයින් ලෙස හඳුනා ගෙන තිබේ.

වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙන අතර එම ගණන ආසාදිතයින් 228ක්.

නාරාහේන්පිට ප්‍රදේශයෙන් 19ක්,
බොරැල්ලෙන් 18ක්,
දෙමටගොඩින් 17ක්,
කොහුවලින් 15ක්,
කොළොන්නාවෙන් ආසාදිතයින් 14ක් පිළියන්දලින් ආසාදිතයින් 10ක්

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 209ක්

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 172ක්

කළුතරින් 133ක්, මාතලෙන් 119ක් හා මහනුවරින් ආසාදිතයින් 86ක් ,ගාල්ලෙන් 38ක්, යාපනයෙන් 10ක්, කෑගල්ලෙන් 49ක්, පුත්තලමෙන් 34ක්, අනුරාධපුරයෙන් 24ක්, ත්‍රිකුණාමලයෙන් 47ක්, මොනරාගලින් 58ක්, මාතර 16ක්, පොළොන්නරුවෙන් 14ක්, අම්පාරෙන් 19ක්, බදුල්ලෙන් 47ක්, නුවර එළියෙන් 54ක්, රත්නපුරයෙන් 44ක්, වව්නියාවෙන් 4ක්, මඩකලපුවෙන් 15ක්, හම්බන්තොටින් 28ක් හා කිළිනොච්චියෙන් ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වී තිබේ.

විදෙස් ගතව සිට පැමිණි පුද්ගලයින් 15කු ද ඊයේ දිනයේ ආසාදිතයින් ලෙස හඳුනා ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post