News Line| Off Air
Generic placeholder image

Apr
29

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

1278 Views


විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

කොරෝනා වෛරසය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සේවාවන් ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පිළිබඳ වැඩිදුර තොරතුරු ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය වන WWW.doenets.lk වෙත පිවිස ලබාගත හැකි බවය.

තොරතුරු විමසීම සඳහා දුරකථන අංක 0112 788 137 හෝ 0112 784 323 භාවිත කළ හැකිය.

  1. මාර්ගගත ක්‍රමය ඔස්සේ සහතික අයදුම්කිරීම.
    2001 හා ඉන්පසු වර්ෂවල අ.පො.ස (සා.පෙළ) හා (උ.පෙළ) විභාග සඳහා

02.විද්‍යුත් තැපෑල මඟින් සහතික අයඳුම්කිරීම.

i. 2001ට පෙර වර්ෂවල අ.පො.ස (සා.පෙළ) හා (උ.පෙළ) විභාග සඳහා
ii. ධර්මාචාර්ය, මුලික පිරිවෙන්, සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය (GIT) වැනි අනෙකුත් සහතික පත්‍ර විභාග සඳහා

  1. විද්‍යුත් තැපෑල මඟින් විභාග අංක ලබාගැනීමට අයදුම්කිරීම.

අ.පො.ස (සා.පෙළ) හා (උ.පෙළ) විභාග සඳහා පමණි.

මේ අතර නාම සංශෝධන සඳහා අ.පො.ස (සා.පෙළ) හා (උ.පෙළ) යන විභාගයන් හි අකුරක හෝ අකුරු දෙකක දෝෂ සහිත නාම සංශෝධන සඳහා පහත විද්‍යුත් තැපෑල ලිපින ඔස්සේ අදාළ ඉල්ලීම් සිදුකළ හැකිය.

අවශ්‍ය වන ලියවිලි (Scan කරන ලද)

  • අයදුම්කරුගේ ඉල්ලීම් ලිපිය
  • උප්පැන්න සහතිකය
  • ජාතික හැඳුනුම්පතේ පිටපත
  • නම තහවුරු කිරීම සඳහා වෙනත් ලියවිලි


News Articles
Latest Videos
Most Popular Post