News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
5

බැඳුම්කර නඩුව ජුනි මස 07 වනදා කැඳවන ලෙසට නියෝග

433 Views


බැඳුම්කර නඩුව ජුනි මස 07 වනදා කැඳවන ලෙසට නියෝග

2015 වසරේ පෙබරවාරි මස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියකදී රුපියල් මිලියන 688කට අධික බැදූම්කර සම්බන්ධයෙන් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව ජුනි මස 07 වනදා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය නියෝග කර තිබේ.

මෙම නඩුව අද (05) චම්පා ජානකී රාජරත්න, දමිත් තොටවත්ත සහ නාමල් බලල්ලේ යන මහත්ම මහත්මීන්ගේ සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීමට නියමිතව තිබුණි.

එහෙත් වර්තමානයේ පවතින කොවිඩ් වයිරස් ව්‍යප්තිය හේතුවෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් නිකුත්කර තිබෙන චක්‍රලේඛය ප්‍රකාරව මෙම නඩුව ජුනි මස 7 වනදා දක්වා කල් තැබීමට විනිසුරු මඩුල්ල නියම කළ බව එම අධිකරණයේ ලේඛකාධිකාරී විසින් නිකුත්කර ඇති නිවේදනයේ සඳහන් වේ.


News Articles
Latest Videos
Most Popular Post