News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
10

බදුල්ලේ PHIලා ලෙඩ නිවාඩු දමයි

606 Views


බදුල්ලේ PHIලා ලෙඩ නිවාඩු  දමයි

බදුල්ල දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අද ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට පිවිසීමට තීරණය කර තිබෙනවා.

එහි සභාපති රංජිත් දිසානායක මහතා මේ පිලිබදව අදහස් දක්වමින් වැඩි දුරටත් සදහන් කලේ,

“මේ නෛතික ක්‍රියාවලිය තුළ නිශ්චිතව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පැවරෙන රාජකාරි මොනවා ද කියන එක අපට පැහැදිලි කර ගැනීමේ අවශ්‍යතාවය තිබුණා. ඒ සඳහා ප්‍රධාන ලේකම්තුමා සහ සෞඛ්‍ය ලේකම්තුමා සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කරා මේ තීරණ පරිදි ක්‍රියාත්මක වෙන්න කියලා. නමුත් ඒ තීරණ අද වෙනකල් ඔවුන් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වෙලා තියෙනවා. මේ තුළ වෘත්තීය අයිතීන් දිනාගැනීමක් නෑ. බදුල්ලේ ජනතාවට ගුණාත්මකව මේ සේවය ඉටුකිරීමේ අවශ්‍යතාවය තමයි අපිට තියෙන්නේ. ඒ නිසා මෙහිදී වෘත්තීය ක්‍රියාමාර්ගයකට යෑමට අපි සුදානම් වුණේ මහජනතාව ආරක්ෂා කරන්න.“ යනුවෙනි.


News Articles
Latest Videos
Most Popular Post