News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
13

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට මි.මී. 100 ට වැඩි තද වැසි

606 Views


දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට මි.මී. 100 ට වැඩි තද වැසි

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිත සහ වයඹ ප්‍රදේශවල වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් බලාපොරොත්තු වේ.

සබරගමුව, මධ්‍යම, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක.

උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩි විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


News Articles
Latest Videos
Most Popular Post