News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
14

ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

704 Views


ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක් කර තිබෙනවා. ඒ අනුව ගිනිකොණ දිග අරාබි මුහුදු ආශ්‍රිතව වර්ධනය වූ අඩුපීඩන කලාපයේ බලපෑම නිසා කන්කසන්තුරයේ සිට මන්නාරම හරහා කොළඹ දක්වා වන මුහුදු ප්‍රදේශ වල විටින් විට පැයට කිලෝමීටර 60- 70 දක්වා වර්ධනය විය හැකි බවත් දිවයින හරහා සුළඟේ වේගය ද පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ගිනිකොණ දිග අරාබි මුහුදු ආශ්‍රිතව සුළගේ වේගය 70-80 ත් අතර වර්ධනය විය හැකි හෙයින් එම මුහුදු ප්‍රදේශ වල ධිවර හා නාවික කටයුතුවල නිරත නොවන ලෙසට දැනුම් දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post