News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
14

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට මි.මී. 100 ට වැඩි තද වැසි

760 Views


දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට මි.මී. 100 ට වැඩි තද වැසි

ගිනිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් දැනට පවතින වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය අද දිනයේදීත් තවදුරටත් බලාපොරොත්තුවේ.

දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩි විය හැක. විශේෂයෙන්ම උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල සුළගේ වේගය ක්ෂණිකව පැ.කි.මී. 60 දක්වා වැඩි විය හැක. දිවයින පුරා අහස වලාකුලින් බරව පවතිනු ඇත.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


News Articles
Latest Videos
Most Popular Post