News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
14

නායයෑම් පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්

509 Views


නායයෑම් පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්

නායයෑම් පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ගාල්ල, මාතර සහ කළුතර යන දිස්ත්‍රික්ක සඳහා මෙලෙස නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබෙන අතර පසුගිය පැය 24 තුළ මිලිමීටර් 150ඉක්ම වූ දැඩි වර්ෂාපතයක් එම ප්‍රදේශ වලින් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම, නෙලුව, ඇල්පිටිය, බද්දේගම, තවලම, ගාල්ල සහ යක්කලමුල්ල

මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත්

කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, අගලවත්ත, වලල්ලාවිට, මතුගම, දොඩංගොඩ, ඉංගිරිය සහ බුලත්සිංහල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සදහා නායයෑමේ රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post