News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
20

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට තද වැසි

899 Views


දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට  තද වැසි

ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ නිරිත දිග කොටසේ (බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල) වැසි තත්වයේ වැඩි වීමක් හා උතුරු සහ වයඹ පළාත්වල සුළං තත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක.

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩි විය හැක.


News Articles
Latest Videos
Most Popular Post