News Line| Off Air| Games
Generic placeholder image

Jun
4

අත්‍යවශ්‍ය රාජකාරී සඳහා ගමන් කරන පිරිසට සතොස අලෙවි සැල් හරහා භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව

538 Views


අත්‍යවශ්‍ය රාජකාරී සඳහා ගමන් කරන පිරිසට සතොස අලෙවි සැල් හරහා භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව

අත්‍යවශ්‍ය රාජකාරී සඳහා ගමන් කරන පිරිසට සතොස අලෙවි සැල් හරහා භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව ලබා දී තිබෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරනවා.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කලේ “අපි සතොස අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කළා. ඒ අත්‍යවශ්‍ය සේවා බෙදා හැරීමේ කටයුතුවලට සහායවීමටයි. ඒ අනුව වෛද්‍යවරුන්, රාජ්‍ය සේවකයන්, නිරෝධායන රීති යටතේ පැමිණීම සඳහා බලය ලත් අයට තමන්ගේ රාජකාරියට වාර්තා කරලා යන අවස්ථාවේදී අවශ්‍ය භාණ්ඩත් සිල්ලරට ලබාගෙන යන්න අවස්ථාව තියෙනවා සතොස හරහා. ඕනම කෙනෙකුට ඇවිත් භාණ්ඩ ගන්න බෑ. ඒ අතරතුර සතොස ඇතුලේ සහන මලු සකස් කරන ක්‍රියාවලියත් සිදු වෙනවා.” යනුවෙනි.


News Articles
Latest Videos
Most Popular Post