News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
7

ගුවන් හමුදාවේ පුහුණු ගුවන් යානයක් කාර්මික දෝෂයක් හේතුවෙන් හදිසි ගොඩබෑමකට

647 Views


ගුවන් හමුදාවේ පුහුණු ගුවන් යානයක්  කාර්මික දෝෂයක් හේතුවෙන් හදිසි ගොඩබෑමකට

ගුවන් හමුදාවට අයත් සෙස්නා 150 පුහුණු ගුවන් යානයක් කාර්මික දෝෂයක් හේතුවෙන් හදිසි ගොඩබෑමක් සිදු කර තිබෙනවා. අදාල ගුවන් යානය ගුවන්,හමුදා චීන වරාය කදවුරේ සිට අද පෙරවරු 10.22 ට පමණ ගුවන් ගත කර තිබෙන අතර එම යානයේ ඇති වූ කාර්මික දෝෂයක් නිසා ත්‍රිකුණාමලය නීලවේලි වෙරළ තීරයට උතුරින් පිහිටි ඉරක්කන්ඩි ප්‍රදේශයට හදිසි ගොඩ බෑමක් සිදු කර තිබෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වරයා සදහන් කරන්නේ.

කෙසේ වෙතත් ගුවන් නියමුවන්ගේ දක්ෂතාවය මත ඇති වෙන්නට ගිය අනතුරක් වලක්වා ගෙන තිබෙන අතර මේ පිලිබදව විමර්ශනයක් සිදු කිරීමට ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතා අදාල අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post